• වියලි කාලගුණ තත්වයක් යටතේ වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
  • පසේ හොඳින් ජලවහනය සිදු විය යුතුය.
  • පසට කාබනික ද්‍රව්‍ය යෙදිය යුතුය.
  • පස ගැඹුරු විය යුතුය.

 

මිරිස් වර්ග

  1. MI 1
  2. MI 2
  3. KA 2
  4. අරුණළු
  5. MI HOT

සිටුවිය යුතු කාලය : බීජ තවාන් කර දින 25 න්.

අක්කරයට බීජ ග්‍රැම් 400 යි.

අක්කරයක් සදහා මුලික රසායනික පොහොර :

සාන්ද්‍ර සුපර් ෆොස්පේට් (TSP) = 40 Kg

මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) = 20 Kg

පැල සිටුවීමට දින දෙකකට පෙර යොදන්න

 

පරතරය

පැල අතර : 45 CM  (1.5 Feet)

පේලි අතර 60 CM  (2 Feet)

වලකට පැල දෙකයි

පොහොර යෙදීම

සිටුවා සති 2 න් : යුරියා 40 Kg

සිටුවා සති 4 න් : යුරියා 50 Kg

සිටුවා සති 8 න් : යුරියා 50 Kg ; මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) 20 Kg මිශ්‍ර කර යොදන්න.

සිටුවා සති 12 න් : යුරියා 50 Kg

සිටුවා සති 16 න් : යුරියා 50 Kg ;

 

වරින් වර අවට පස බුරුල් කරන්න.

 

රෝග :

කොළ පුල්ලි රෝගය

රිකිලි කුණු වීම

ඇන්ත්‍රැක්නෝස්

පාදස්ථ කුණුවීම

පැල මැක්කා

මයිටවා

කුඩිත්තා

සුදු මැස්සා